Wednesday, April 5, 2017

තුලින් කැඩපත - අගත අනගත - ගැමුණු වත ගොත - දුටිමී නිසි වත

Add caption

බුද්ධි නාගොඩවිතානයන් දිවයින බදාදා අතිරේකයේ "කැඩපත"ට රචිත "කාවන්තිස්ස රජුගේ දියණියක ගැන සඳහන් දුර්ලභ ඝනයේ අභිලේඛනයක්" ලිපියෙහි උපුටන ලද සෙල්ලිපි තුනක හා අරුතක බැඳුනු රජ පරපුර සම්භන්ධයෙන්..

මට දැනෙන හැටි

උපුටා ගැනීම 
"සෙල්ලිපිය 1 
පෙළ -
උප රඣ පුත අය අබය පුත අය තිශහ පුත තිශ අයෙන කරිතෙ මහ ලෙණෙ අගත අනගත චතු දිශ ශගශ දිනේ 
තේරුම -
උපරාජ (ගේ) පුත්‍ර අය අබය (ගේ) පුත්‍ර අය තිශ ගේ පුත්‍ර තිශ අය මහ ලෙණ කරවා පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට දෙන ලදී. "
උපුටා ගැනීම නිමි. 

පරම්පරාව - උප රජ ( මහානාග ) → අබය → අය තිශ → තිශ


උපුටා ගැනීම 
"සෙල්ලිපිය 2
පෙළ -
උප රඣ පුත රඣතිශ පුත ගමිණි අබය දෙවනපිය මහ රඣහ මනපදශනෙ ලෙණෙ
තේරුම -
උපරජුගේ (මහානාග) පුත්‍ර රඣ තිශ (කාවන්තිස්ස) පුත්‍ර දේවානම්ප්‍රිය ගාමිණි අබය මහ රජුගේ මනපදර්ශන ලෙණ"
උපුටා ගැනීම නිමි. 

පරම්පරාව - උප රජ ( මහානාග ) →රඣ තිශ (තිස්ස රජු)  → ගාමිණි අබය මහ රජ


උපුටා ගැනීම 
"සෙල්ලිපිය 3
පෙළ -
උප රජ නාග පුතෙ රඣ අබයෙ නම තස පුතෙ ගමණි තිසෙ නම තෙන කරිතෙ සුදසනෙ සගස
තේරුම -
උපරජ නාගගේ පුත්‍රයා රජ අබය වේ. ඔහුගේ පුත්‍ර ගාමිණි තිස්ස විසින් කරවන ලද සුදර්ශන නම් ලෙණ සංඝයාට ප්‍රදානය කරන ලදී"
උපුටා ගැනීම නිමි. 

පරම්පරාව - උප රජ ( මහා) නාග  → අබය → ගාමිණි තිස්ස


මම බුද්ධි නාගොඩවිතානයන් විචාරය කිරීමට තැත් නොකරමි. ඔහුගේ අරුත්බර ලිපිය බැති සිතින් අගයමි. මට දැනෙන පරම්පරා සම්බන්ධය වියමන් කරනට සිතීමි.


ඉහත සෙල්ලිපි 3 ට අනුව "උපරජ මහනාගට" "අබය" හා "තිස්ස රජ" යන පුතුන් දෙදෙනෙකි. "අබය"ට "අයතිශ (අයතිස්ස)" හා "ගාමිණි තිස්ස" ලෙස පුතුන් දෙදෙනෙකි. එසේත් නැතිනම් "අයතිස්ස" හා  "ගාමිණි තිස්ස" යනු එකම අයකුද විය හැක.
"මහානාගගේ" අනෙක් පුතු වන "තිස්ස රජුට" පුතු වන්නේ මහරජ "දෙවනපිය ගාමිණි අබය" වේ.
මෙම සෙල්ලිපි 3 ට අනුව "ගාමිණි අබය මහරජ (දුටුගැමුණු මහරජ) " "මහානාග"ගේ මුනුබුරා වන අතර "දෙවනපෑතිස්" රජුගේද මුනුබුරා වේ.
මෙහි එන "මහානාග" පුත් "අබය" "ගෝඨාභය" රජු නම් ඔහු "කාවන්තිස්ස"ගේ සොහොයුරා වේ. "යටාලතිස්ස" නම මෙහිදී සම්බන්ධ නොවේ.

"තුලින් කැඩපත 

අගත අනගත 

ගැමුණු වත ගොත 

දුටිමී නිසි වත" දසුන් ජයසිංහ  

 

මේ මට දැනෙන හැටිය. ඔබට ?


Thursday, March 17, 2016

Thoughts for all

This blog indicates what I think and how I meant to think. The best way to introduce the blog is that. I will write about the religions, Politics, History and so many other subjects. All the contents will be how I think, and might mismatch to what you know or think. I need your ideas to feed my thoughts so I can improve my knowledge while sharing with you. My thoughts may come in different languages I know. There is no right or wrong, good or bad as everything is relative. Been compared. How to find the absolute truth in the relative thinking platform.

තුලින් කැඩපත - අගත අනගත - ගැමුණු වත ගොත - දුටිමී නිසි වත

Add caption බුද්ධි නාගොඩවිතානයන් දිවයින බදාදා අතිරේකයේ "කැඩපත"ට රචිත "කාවන්තිස්ස රජුගේ දියණියක ගැන සඳහන් දුර්ලභ ඝනයේ අභි...